පිත්තාශයෙහි ගල්

ලැබී ඇති සීමිත සාක්ශි අනුව බර අඩු කර ගැනීමෙන්(ඔබ අධි බර නම්) හා ආහාර රටාව වෙනස් කිරිමෙන් පිත්තාශයෙහි ගල් වලක්වා ගත හැක.

ආහාර

කොලෙස්ටෙරෝල් පිත්තාශයෙහි ගල් ඇතිවීමට ප්‍රධාන ලෙස බලපාන නිසා, අධික සංතෘප්ත මේදය සහිත ආහාර වලින් වැලකී සිටීමට උපදෙස් ලබාදෙයි. සංතෘප්ත මේදය අධික ආහාර වලට පහත ආහාර ඇතුලත් වේ:

  • මස් පයි
  • සොසේජස්, සහ මස් වල මේදයමය කොටස
  • බටර්
  • ක්‍රීම්
  • චීස් වර්ග
  • කේක් හා බිස්කට්
  • පොල් හෝ පාම් තෙල් අඩංගු ආහාර

සෞඛ්‍යය සම්පන්න සමබර ආහාර වේලක් නිර්දේශ කරනු ලැබේ. මෙහි නැවුම් පලතුරු හා එලවලු ඇතිතරම් ද(දිනකට අවම වශයෙන් වර්ග පහක් ) හා ධාන්‍ය අඩංගු වේ. ,රටකජු හෝ කජු, වැනි ඇට වර්ග නිතිපතා ආහාරයට ගැනීමෙන් පිත්තාශයෙහි ගල් ඇති වීමේ අවදානම අවම කර ගත හැක.

බර අඩු කර ගන්න

බර අධික වීම විශේෂයෙන්ම තරබාරු වීම පිතෙහි කොලෙස්ටරෝල් මට්ටම වැඩි කරයි, එනිසා පිත්තාශයෙහි ගල් ඇතිවිමේ අවධානම වැඩි වේ. සෞඛ්‍යය සම්පන්න ආහාර වේලක් හා නිතිපතා ව්‍යායාම කිරිම මගින් ඔබට ශරීරයේ බර පාලනය කර ගත හැක. නමුත් ඔබ අඩු කැලරි සහිත ඉක්මනින් බර අඩු වන ආහාර වේල් වලින් වැලකී සිටිය යුතුය. එමගින් පිතෙහි රසායනයට බාධා කර පිත්තාශයෙහි ගල් ඇති වීමේ අවධානම වැඩි කරන බවට සාක්ශි ඇත. ක්‍රමයෙන් සිරුරේ බර අඩු කරන සැලැස්මක් නිර්දේශ කරයි.